• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළමා අපචාර විශාල වශයෙන් ඉහළ ගිහින් රටට ‌ඛේදවාචකයක් වෙලා! නීති ශක්තිමත් කර දැඩි දඬුවම් ලබා දී දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරනවා! සජිත්ගේ නොනවතින රැල්ලේ 40 වැනි සුහුරු පන්ති කාමරය අවිස්සාවේල්ලේ ශාන්ත මරියා දුවාදරුවන්ට! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 28, 2023
in Exclusive
Reading Time: 18 mins read
A A
ළමා අපචාර විශාල වශයෙන් ඉහළ ගිහින් රටට ‌ඛේදවාචකයක් වෙලා! නීති ශක්තිමත් කර දැඩි දඬුවම් ලබා දී දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරනවා! සජිත්ගේ නොනවතින රැල්ලේ 40 වැනි සුහුරු පන්ති කාමරය අවිස්සාවේල්ලේ ශාන්ත මරියා දුවාදරුවන්ට! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද සමාජයේ ළමා හිංසනය, අතවර, අපචාර, තර්ජන ගර්ජන දැවැන්ත ඛේදවාචකයක් වී ඇති බවත් රජයේ බලධාරීන් පවා ළමා අපචාර ඉහළ ගොස් ඇති බවට සංඛ්‍යා ලේඛන පවා ඉදිරිපත් කළත් රජයේ වගකීම දත්ත ඉදිරිපත් කිරීම නොව ළමා අපචාර මැඩපැවැත්වීමට ක්‍රියාමාර්ග ගැනීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රටේ නීති පද්ධතිය ශක්තිමත් නොවන බැවින් මෙවැනි අපචාරකරුවන්ට ලිහිල් දඩුවම් ලැබී අවසානයේ රජයේ බදු මුදලින් ඔවුන් සිරගෙයි නඩත්තු වන බවත් එබැවින් මෙකී ළමා අපචාර අප සමාජයෙන් මුලින් උපුටා දැමීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් ගෙන විත් නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරමින් ආරක්ෂක අංශ සවිබල ගැන්විය යුතු බවත් ඊට අමතරව පවතින නීති සංශෝධනය කරමින් දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යුගයේ මානුෂීය මෙහෙයුම ලෙස ළමා අපචාර මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ යොදා ගත යුතු බවත් ඒ සඳහා විපක්ෂයක් ලෙස උපරිම සහයෝගය ලබා දෙන බැවින් දත්ත පමණක් ඉදිරිපත් නොකර කශේරුකාව ශක්තිමත් කර දැඩි නීති රීති ගෙන එන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (27) අවිසාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 40 වැනි අදියර යටතේ සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

වසරකට දෙපාරක් විදුලි බිල සංශෝධනය කරන බවට රජය පොරොන්දු වුවත් 3 වැනි වතාවටත් විදුලි බිල සංශෝධනය කර සියයට 500කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කර ඇති බවත් මේ නිසා බහුතරයක් ජනතාව අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාලකයන්ට මිනිසුන් විඳින දුක නොතේරෙන බවත් විදුලි බිල වැඩි වීම නිසා ආහාර සහ අධ්‍යාපනය සදහා පවුලක් වෙන් කර ඇති මුදල් පවා අඩු වී ඇති බවත් රට කෙතරම් බංකොලොත් වුවත් ජන දුක සම්බන්ධයෙන් අවබෝධයක් පැවැතිය යුතු වුවත් එවැනි අවබෝධයක් රජයට නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවේ දහස් ගණනින් පාරට බැස උද්ඝෝෂණය කරන්නේ විදුලි බිලට විරුද්ධව බවත් මේ මහා ජන බලවේගය නිර්මාණය වී ඇත්තේ පීඩනයෙන් අසහනයෙන් දරිද්‍රතාවෙන් උහුලන්න බැරි බරක් තම කරපිට පටවා ඇති ජනතාව තුළින් බවත් එබැවින් අනීතිකව වැඩි කර ඇති විදුලි බිල හකුලා ගත යුතු බවත් බොරු දත්ත ඉදිරිපත් කරමින් සිදු කළ මේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ජනාධිපති, ඇමති සහ මහජන උපයෝගීතා කොමිසම වගකිව යුතු බවත් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

පාසල් දූදරුවන් දේශපාලනඥයන්ගේ වහලුන් කරන්න එපා

එසේම මේ අපේ රටේ ලක්ෂ 41ක් වූ පාසල් දූ දරුවන් දේශපාලනඥයා ඉදිරියේ වැද නමස්කාර පූර්වකව දණ ගස්වන පිළිවෙතෙන් බැහැර විය යුතු බවත් දූදරුවන් ගරු බුහුමක් දැක්විය යුත්තේ දෙමාපියන්ට, ගුරුවරුන්ට, ආගමික නායකයන්ට සහ තමන්ට හිතවත් අසල්වාසී වැඩිහිටියන් බවත් ගතානුගතික ක්‍රමවේදය වහල් භාවයේ සංකේතයක් බැවින් එසේ දේශපාලනඥයන්ගේ වහලුන් කිරීම වැරදි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම සෑම පාසලකම අඩුපාඩු ඇති බවට වාර්තා වන බවත් එවැනි අඩුපාඩු ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට පාලකයන් කටයුතු කළ යුතු බවත් හොරකම දුෂණය වංචාව කප්පම්වලින් තොරව රටේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 39ක් සදහා රුපියල් ලක්ෂ 363ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.

SendShareShare
Previous Post

ශ්‍රී ලන්කන් ඈවරයි…! දෑවරයි…!! තුන් ඈවරයි….!!! I Sri Lanka Latest News

Next Post

ලන්සාගේ අලුත් ‌සන්ධානය හබක්! ලේක් ඩ්‍රයිව් ප්‍රධාන පක්ෂ කාර්යාලයක් වසා දමයි! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.