ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කොටස් ලබා දීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් කැඳවන බව වරාය හා නාවික ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා පවසයි.Sri Lanka Latest News
මේ වනවිට ඒ සඳහා අවශ්‍ය ලිපි ගොනු සකස් කර අවසන් කර තිබේ .
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා අන්තර්ජාතික මෙන්ම දේශීය සමාගම් සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.
එසේ ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු මේ සඳහා සුදුසු සමාගම් තෝරාගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි .










