වෛද්‍යවරුන් රට හැරයෑමේ බුද්ධිගලනය මේ දක්වා නැවතී නැති බවත්, මේ වනවිට වෛද්‍යවරුන් 2,200ක් පමණ රට හැරගොස් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
මෙම තත්ත්වය නිසා අලුතින් බඳවාගෙන උතුරු නැගෙනහිර පළාත්වල පර්යන්ත රෝහල්වල සේවය සඳහා යොදවා සිටින වෛද්‍යවරුන්ට කොළඹට මාරුවීම් ලබාගැනීම දුෂ්කර වී ඇති අතරම, ඔවුන් දැඩි පීඩනයකින් යුතුව රාජකාරි කිරීමට සිදුව ඇත්තේද දැනට බලපා ඇති වෛද්‍ය හිඟය නිසා බවද ඔහු පැවැසීය.
මෙම වසරේ රට හැරගිය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යා ලේඛනවල ප්‍රශ්න මතුවී ඇති බවද සඳන්ය.
ඉදිරියේදී ඇතිවිය හැකි වෛද්‍ය හිඟය පිළිබඳ සහ බුද්ධිගලනය මැඬපවත්වා කඩිනම් උපායමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට රජයට සහාය ලබාදීමට තම සංගමය සූදානම්ව සිටින බවයි වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවැසුවේ.
වැඩිවන ජනගහනයට සාපේක්ෂව වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩිවී නොමැති බවද රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
ප්‍රේමලාල් විජේරත්න










