වරෙන්තු නිකුත් කර තිබූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පෙර ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. Sri Lanka Latest News
කොටුව පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුකරයක් ඉකුත් දා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර අර්ච්චුනා මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී සිටියේ නැත.
ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තූ නිකුත් කර තිබුණි.
ඒ අනුව අර්ච්චුනා මන්ත්‍රීවරයා පොලීසිය වෙත භාරවීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කළ අර්ච්චුනා මන්ත්‍රීවරයා ඔහුට නියම කළ පෙර ඇප මත මුදාහරිණ ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා නියම කළේය.










