ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් කිහිපදෙනෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග වෘත්තීය සමිති නියෝජිතයින් සාකච්ඡාවක් පවත්වා තිබේ.
මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියේ, අද පැවැත්වීමට තිබු සාකච්ඡාව කල්දැමූ ඇති බවය.
කෙසේවෙතත් මෙම සාකච්ජාවට ගුරු සංගමයේ ජෝෂප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ යන මහත්වරුන් සහභාගී වී සිටියේ නැත.









