ගුරුවරුන් විදෙස්ගත වීම නිසා ඇති වී තිබෙන ගුරු හිඟය වැළැක්වීමට ගුරුවරුන් විදෙස්ගත වීමේදී ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය ගුරුවරුන්ට විදෙස්ගත වීමට අවසර නොදීමට පළාත් සභා තීන්දුවක් අරගෙන තිබෙන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු අද (18) කියා සිටියේය. (Sri Lanka Latest News)
අධ්‍යාපන අමාත්‍යංශයේ හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවල දත්ත අනුව මෙරට ගුරු සේවයෙන් පසුගිය මාස 9ක කාලය තුළ ගුරුවරු 5000ක් පමණ ඉවත්ව ගොස් ඇති බවත් මේ ඉවත්ව ඇති ගුරුවරු අතර ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය විෂය උගන්වන ගුරුවරු බහුතරයක් සිටින බවත් මේ ගුරුවරුන්ගේ ඉවත්ව යෑම වැඩියෙන් ම බලපා ඇත්තේ දුෂ්කර පාසල්වලට බවත් ලංකා ගුරු සංගමය තවදුරටත් කියා සිටියි.
ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, තාක්ෂණවේදය ගුරුවරුන්ට වැඩි වැටුප් සමඟ යුරෝපා රටවල රැකියා අවස්ථා හිමි වී ඇති බවද හෙතෙම කියා සිටියි.
බොහෝ ගුරුවරු සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී විදේශගත වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බවත් මේ වන විට ඉවත්ව ගිය පිරිස අතර වැටුප් රහිත නිවාඩු ගෙන මෙරටම වෙනත් රැකියාවල නිරත වන පිරිසක් සිටින බවත් සභාපතිවරයා කියා සිටියේය.
ගුරුවරුන් මෙලෙස සේවය හැර යෑම වැලැක්වීමට නම් ඔවුන්ට ජීවත්වීමට සරිලන ලෙස වැටුප් වැඩි කළ යුතු යැයිද ලංකා ගුරු සංගමය තවදුරටත් පැවසුවේය.
lankasara










