පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම බැංකු ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, රථවාහන ආදායම් බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ. Sri Lanka Latest News
මේ අතර, බදු හඳුනාගැනීමේ අංකයක් ලබා ගත් පමණින් යමෙකුට බදු ගෙවීම සඳහා බැඳියාවක් ඇති නොවන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඔහු සඳහන් කළේ වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් පමණක් බදු ගෙවීම සඳහා වගකීමට බැඳෙන බවය.
“තමා ලියාපදිංචි වීම අනිවාර්ය වෙනවා. ඒ වගේම තමන්ගේ වාර්ෂික ආදායම ලක්ෂ 12 ඉක්මවනවා නම් ඔහු හෝ ඇය හෝ ඒ ආයතනය බදු ගෙවීමක් සිදුකළ යුතු ලෙස හඳුනාගන්නවා. අවුරුදු 18ට වැඩි සියලුදෙනා ලියාපදිංචි වීම එක්තරා කාණ්ඩයක් විසින් වැරදි මතයක් ප්‍රචාරය කරනවා. සියලුදෙනා බදු ගෙවීමට යටත්වෙනවා කියලා. තමා ලියාපදිංචිය අනිවාර්යයි. වාර්ෂිකව ලක්ෂ 12ක සීමාව ඉක්මවනවා නම් ඔහු බදු ගෙවන්නෙක් බවට පරිවර්තනය වෙනවා.”










