වර්තමාන ජන සමාජයේ දැවැන්ත ඛේදවාචකයක් සිදුවෙමින් පවතින බවත් දූදරුවන්ට හරියාකාරව කන්න දෙන්න බැරි නිසා, ගෘහයේ අවශ්‍යතා සපුරා ගන්න බැරි නිසා සියදිවි නසා ගන්නා තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මේ ඛේදවාචකය තවදුරටත් ප්‍රවර්ධනය කරන යුගයක් ඇතිව තිබෙන බවත් නව වසරේම වැට් බදු වැඩි කිරීම නිසා මේ තත්ත්වය වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගන්නැයි කියා වැට් බදු වැඩි කිරීම සිදු කළත් ආණ්ඩුවේ ආදායම් වැඩි කිරීමට ඇති එකම විකල්පය වැට් බදු වැඩි කිරීම නොවන රටෙන් හොරා කන ලද මුදල් නැවත රටට ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම බවත් වත්මන් ආණ්ඩුව එසේ සිදු නොකරන්නේ ඔවුන් හොරුන්ගෙන් යැපෙමින් ජනාධිපති, අගමැති තනතුරු ආදිය ලබා ගත් නිසා බවත් එම නිසා හොරු අල්ලනවා වෙනුවට හොරු ආරක්ෂා කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 59 වැනි අදියර යටතේ ගම්පහ බුත්පිටිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.










