පසුගිය ද ඇල්ල ප්‍රදේශයේ විනෝද චාරිකාවකට ගොස් නැවත නිවෙස් බලා පැමිණෙමින් තිබූ බස් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් මියගිය තංගල්ල ප්‍රදේශයේ ජනතාවගේ අවමංගල්‍ය අවස්ථාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (7) එක්විය.Sri Lanka Latest News
මෙම අනතුරින් අදාළ බස් රථය පැදවූ රියදුරු මහතා, තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු නගර සභාවේ සේවය කළ සේවක සේවිකාවන් රැසක් ද ඔවුන්ගේ පවුලේ අයගේ ද ජීවිත අහිමි විය. මෙසේ අනතුරින් දිවි අහිමි වූයේ තංගල්ල නාගරික බල ප්‍රදේශය ඇතුළු කදුරුපොකුණ, අරන්වල, ගැටමාන්න, පල්ලික්කුඩාව, දෙනගම, බෙලිඅත්ත යන ප්‍රදේශවල ජීවත් වූ පුද්ගලයන් ය. එම නිවෙස්වලට පැමිණි විපක්ෂ නායකවරයා එම පවුල්වල සාමාජිකයන්ට සිය සාතිශය සංවේදය පළ කළේය.























