එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් (ASG), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), සහකාර පරිපාලක සහ UNDP ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂ කන්නි විග්නරාජා මහත්මිය පස්දින නිල සංචාරයක් සඳහා සඳුදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
සහකාර මහලේකම් කන්නි විග්නරාජා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ රටේ ප්‍රමුඛතා වඩා හොඳින් අවබෝධ කර ගැනීමේ අරමුණින් සහ UNDP වෙතින් ශ්‍රී ලංකාවට සහය වීමේ නව මාර්ග ගවේෂණය කිරීමේ අරමුණින් බව පැවසේ.
කලාපයේ සමාජ-ආර්ථික ක්‍රමය ප්‍රකෘතිමත් කිරීම සහ රටට වැඩි සංවර්ධන මූල්‍යකරණයක් ලබා දීම මෙම සංචාරයේ තවත් අරමුණකි.
ඇයගේ සංචාරය අතරතුර ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් හවුල්කරුවන් හමුවීමට නියමිත අතර, UNDP සහය දක්වන බිම් මට්ටමේ වැඩ කිහිපයක් පිළිබඳව ප්‍රථමයෙන් සොයා බැලීමට නියමිතය.










