මොණරාගල, ගඩොල්බැද්ද ප්‍රදේශයේ අතුරුමාර්ගයක තිබී මළ සිරුරක් හමුවී තිබේ.
පොලීසිය සඳහන් කළේ එම ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුරක් එලෙස සොයාගත් බව ය.
මෙම මරණය සැක සහිත බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) සිදු කිරිමට නියමිතය.










