සිර මැදිරිවල රඳවා සිටින සැකකරුවන්ට පිටස්තර පුද්ගලයන් රැගෙන එන ආහාර කිසිදු හේතුවක් මත ලබා නොදිය යුතු බව කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොලිස් පණිවිඩයක් නිකුත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. (Sri Lanka Latest News)
ආදුරුප්පු වීදියේ පොලීසියේ සිර මැදිරිය තුළ රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුට ආගන්තුක පුද්ගලයකු වස මිශ්‍ර කිරි ලබාදීමේ සිද්ධියත් සමග මෙම පොලිස් පණිවිඩය නිකුත් කර ඇත.
කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරන්ජන් අබේවර්ධන මහතාගේ අත්සනින් යුත් පොලිස් පණිවිඩය කොළඹ දකුණ කොට්ඨාසයට අයත් නාරාහේන්පිට, කිරුළපන, බම්බලපිටිය. කොල්ලුපිටිය, වැල්ලවත්ත, බොරැල්ල හා කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි ද සැකකරුවන්ට භෝජනාගාරයේ ආහාර පමණක් ලබාදිය යුතු බවට නිර්දේශ කර ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පොලිස් පණිවිඩය කාර්යභාර නිලධාරීන් හා උපසේවා නිලධාරීන් මගින් අනෙකුත් නිලධාරීන් වෙතද දැනුම් දෙන ලෙස වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
gossiplankanews










