මිරිහාන, ජුබිලි මාවත ප්‍රදේශයේ නිවසක් තුළ මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට සැකකෙරෙක යුවළකගේ සිරුරු හමුවූ බව පොලීසිය පවසයි. (Sri Lanka Latest News)
ඒ එම ප්‍රදේශයේ අසල්වැසියෙකු විසින් එම නිවසේ දින කිහිපයක සිට දුඟදක් හමන බවට මිරිහාන පොලිසියට කළ දැනුම් දීමකට අනුවය.
පොලිස් නිලධාරීන් ඊයේ (08) එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක ඇඳක් මත දින කිහිපයකට පෙර මියගිය පිරිමි මළසිරුර හමුවී තිබේ.
නිවසේ මුළුතැන්ගෙයි බිම නිරුවත් කාන්තා මළසිරුරක් ද තිබූ බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇති පිරිමි පුද්ගලයා වයස අවුරුදු 80 ක පිරිමි පුද්ගලයෙකු වන අතර කාන්තාව වයස අවුරුදු 96ක් වන එම නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවලක් බවට දැනට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙය අපරාධයක් ද නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න පිළිබඳ මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
dinamina.










