සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකු සහ උපසභාපතිවරයෙකු තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමේ නියෝගය අද( 14) ප්‍රකාශයට පත්වීමට නියමිත බව වාර්තා වෙයි .Sri Lanka Latest News
එදින තෙක් අදාළ නිලතල සඳහා ඡන්ද විමසීම නොපවත්වන ලෙස වගඋත්තරකාර පාර්ශවයට උපදෙස් ලබා දෙන බව නීතිපතිවරයා පසුගියදා අධිකරණයට දැනුම්දී තිබිණ .
මෙම පෙත්සම් විභාගය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්වේ.
සීතාවක ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර, බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
පෙත්සම්කරුවන් සඳහන් කළේ සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය විපක්ෂය සතුව තිබියදී සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පසුගියදා බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවති බවයි. එහිදී අදාළ තෝරා ගැනීම් සිදුකිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරිය තීරණය කළ බව පෙත්සම්කරුවන්ගේ තර්කය විය.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ගෙන ඇති මෙම තීරණය නීතියට පටහැනි බවත්, එය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. මෙම නඩුවේ අවසන් නියෝගය ලබන සඳුදා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපති තේරීම් ක්‍රියාවලියේ ඉදිරි පියවර ගැනෙනු ඇත.










