ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංකරණ යටතේ පළමු වසරේ සිට 6 වසර දක්වා පාසැල් සිසුන් සඳහා කාල පරිච්ඡේදයක කාලය විනාඩි 50ක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත්, දැනට පවතින කාල පරිච්ඡේද 8 සිට 7 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.Sri Lanka Latest News
අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් සමග ඊයේ (12) පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණ වුණා.
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත්, කලාප හා කොට්ඨාස මට්ටමින් අධ්‍යාපන හා පාරිපාලන බලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡා මාලාවේ පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්වුණා.











