ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහි ව ඉදිරිපත් වූ අභියාචනා පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.Sri Lanka Latest News
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනු කළ පෙත්සම කැදවූ අවස්ථාවේ දී එය සලකා බැලීම සඳහා ජනවාරි මස 08 වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල නියම කර ඇත.
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා තමා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ගත් තීන්දුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සම්කරු පවසයි.
ඒ අනුව අදාළ අභියාචනාධිකරණයේ තීන්දුව නීතියට පටහැනි යැයි තීරණය කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින ඔහු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර ව ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා තිබේ.










