ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ තමන් එවන නම් සම්මත නොකරන්නේ නම් ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය සොයාබැලීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බව කියමින් තර්ජන කරන බවත්, එය පිළිගත නොහැකි තත්ත්වයත් බවත් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කීය.Sri Lanka Latest News
‘ද ෆයිනල් ආන්සර්’ කෘතිය එළිචැක්වීමේ උළෙලට සහභාගී වෙමින් ඒ මහතා කියා සිටියේ රටේ ශක්තිමත් කළ යුතු ආයතන දුර්වල කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවත්, මේ ආකාරයට ගියහොත් රට කොංගෝවක්-ගැබොන් දේශයක් වීම වැළැක්විය නොහැකි බවත්ය.
ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයාගේ රූකඩයක් විය නොහැකි බවත්, ජනාධිපතිවරයාගේ තර්ජනවලට බිය නොවී ශක්තිමත්ව කටයුතු කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ටත් හයිය තිබිය යුතු බවත් සාලිය පීරිස් මහතා කීය.










