• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති-අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයටම නොතීසි නිකුත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි! I Sri Lanka Latest News

August 27, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
බබා හම්බ වුණා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශ්ව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් හා සෙසු වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (අගෝ: 27) පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේ ය.Sri Lanka Latest News

මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වග උත්තරකරුවන්ට මෙතෙක් නොතීසි ලැබී නොමැති බව සඳහන් කළේ ය.

නඩුවට ඉක්මන් දිනයක්

පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සඳහන් කළේ, මෙම නඩුව සලකා බැලීම සඳහා ඉක්මනින් දිනයක් ලබා දෙන ලෙස ය.

ඒ අනුව, වගඋත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දෙන ලදී.

ඉන් අනතුරුව මෙම පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් මස 17 වන දා යළි කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේ ය.

වග උත්තරකරුවන්

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31 දෙනෙකු නම් කරනු ලැබ තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාව සමග මෙරට පුරවැසියන්ගේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බව ය.

මීට අදාළව ඉකුත් ජනවාරි මස 27 සහ ජූනි මස 02 යන දිනයන්හි අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ලබාගෙන තිබෙන බවත් මහ ජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරව මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

මෙම කටයුතුවලට අදාළව 2022 වසරේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බවත්, එම අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල තීන්දු දෙක ලබාගෙන තිබෙන බවත් පෙත්සමින් පෙන්වා දී තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඇතුළු තොරතුරු ඉන්දියාව අතට පත් වන බවත් ඒ තුළින් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවකාශ සැලසෙන බවත් පෙත්සමෙන් චෝදනා කර ඇත.

දේශීය වශයෙන් ඩිජිටල් හැදුනුම්පතක් නිකුත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් මෙරට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් සකස් කරමින් පවතිද්දී එම කටයුත්ත රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට රජය විසින් ගනු ලබන තීරණය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

මේ තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට මෙන් ම ස්වාධීනත්වයට අත පෙවීමට විදේශීය රාජ්‍යයකට අවස්ථාව සැලසෙන බවත්, මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමින් පෙන්වා දී තිබේ.

ඒ අනුව ඉන්දියාව සමග ඇති කරගෙන ඇති මෙම අවබෝධතා ගිවිසුම සහ ඊට අදාළ කැබිනට් තීන්දු බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

SendShareShare
Previous Post

දේශබන්දුත් ඇප අරන් එළියට ආවා! I Sri Lanka Latest News

Next Post

‘පහසුකම් දෙන්නම්.. සාධාරණව බදු ගෙවන්න..!’ අනුර අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් එක්ක කතා කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News
Exclusive

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

Load More
එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක් Sri Lanka Latest News

Read more
මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.