මහජන බැංකුවට උකස් කරන ලද සිය දේපළ වෙන්දේසි කිරීමට ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් දයා සමූහ ව්‍යාපාරය සහ දයා ඇපරල් අපනයන (පුද්ගලික) සමාගම ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.Sri Lanka Latest News
ඒ අනුව එම ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බැංකුවට නීත්‍යානුකූල අයිතියක් ඇතැයි තීන්දු කළ අධිකරණය රුපියල් මිලියනයක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් පෙත්සම්කාර සමාගම්වලට නියම කළේය.
අදාළ සමාගම් විසින් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය විනිසුරුවරුන් වන ආර්. ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
පෙත්සම්කාර සමාගම් විසින් ලබාගෙන තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 1.42 කට වඩා වැඩි හිඟ ණය පහසුකම් අයකර ගැනීම සඳහා උකස් කරන ලද දේපළ මහජන වෙන්දේසියේදී විකුණා එම මුදල් අයකර ගැනීමට මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කරගෙන ගෙන තිබුණි










