මේ වසරේ ජූනි 28 වැනි දිනට පෙර අයිතිය ප්‍රකාශ නොකළහොත් යාපනය කිළිනොච්චිය මන්නාරම ප්‍රදේශයේ ඇති ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගන්නා බවට ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයන් අද නිකුත් කළේය. Sri Lanka Latest News
එම අතුරු නියෝගය මේ සම්බන්ධයෙන් ගොනුකොට ඇති පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු බලපැවැත්වේ.
මේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් විසින් ගොනුකොට ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන යසන්ත කෝදාගොඩ සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්නයන මහත්තුරුගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණි.
මේ ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් විසින් ගොනු කොට ඇති මෙම පෙතසමේ වගඋත්තර කරුවන් වශයෙන්ළුම ප්‍රදේශවල දිසාපතිවරු ඇතුළු පිරිසක් මම කරනු ලැබ සිටිති.










