අල්ලස් නඩුවකට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.Sri Lanka Latest News
දූෂණ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ මේ බව සඳහන් කර තිබේ.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ අදාළ නඩුකරයට සම්බන්ධයෙන් එවකට විශය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කර තිබුණි.










