පසුගිය රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩි කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.Sri Lanka Latest News
ශ්‍රී ලංකා මත්පැන් අලෙවි බලපත්‍ර හිමියන්ගේ සංගමය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළා.
පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ, 2024/1 දරන ගැසට් නිවේදනය මගින් මත්පැන් බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තුව රුපියල් මිලියන විස්ස දක්වා වැඩිකළ බවයි.
වාර්ෂික බලපත්‍ර ගාස්තු වැඩි කිරීම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත්, ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
2017 වසරේ නිකුත් කළ ගැසට් නිවේදය අනුව බලපත්‍ර ගාස්තු අය කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබුණා.










