• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

February 12, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට කාන්තාවන්ට හා පිරිමින්ට ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව තම අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීම සඳහා පහසුකම් සලසමින් පසුගිය රජයන් සහ වර්තමාන රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් හා චක්‍ර ලේඛ නීතිවිරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේ ය.Sri Lanka Latest News

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී ය.

ඒ අනුව, මෙම පෙත්සම ජූලි මස 20 වන දා අධිකරණය හමුවේ සලකා බලන බව දන්වමින් වග උත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අධිකරණය නියම කළේ ය.

හිටපු ජනපතිවරුන්ට සහ වත්මන් ජනපතිට චෝදනා

පෙත්සම්කරු තර්ක කරන්නේ, ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව වෛද්‍ය සැත්කම් මගින් යම් අයෙකුට ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කර ගැනීමට නීතිමය හැකියාවක් නොමැති බව ය.

එහෙත්, 2016 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛ හා මාර්ගෝපදේශ අනුව මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ සහතිකයක් මත පුද්ගලයෙකුට සිය ලිංගික අනන්‍යතාව සැත්කමක් මගින් වෙනස් කර ගැනීමට ඉඩ සලසා තිබෙන බවට පෙත්සම්කරු චෝදනා කරයි.

මෙවැනි ලිංගික වෙනස්වීමකට භාජනය වන පුද්ගලයින්ට අලුතින් උප්පැන්න සහතික හා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට රජය කටයුතු කරන බවට චෝදනා කළ පෙත්සම්කරු, එය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බව සඳහන් කළේ ය.

පසුගිය රජයන් විසින් ක්‍රියාත්මක කරන ලද මෙවැනි වැඩසටහන්වලට සහය දෙමින් වර්තමාන රජය ද පුද්ගලයින්ට නීති විරෝධී ලෙස ලිංගික පරිවර්තනයන් සිදු කර ගැනීමට අවශ්‍ය සහය දෙමින් කටයුතු කරන බවත් ඔහු සිය පෙත්සම තුළින් චෝදනා කර තිබේ.

මේ ආකාරයෙන් සිය කැමැත්ත පරිදි ලිංගික අනන්‍යතාව වෙනස් කිරීම හරහා සමලිංගික විවාහවලට මග පෑදෙන බවත් එය ද නීතියට පටහැනි ක්‍රියාවක් බවත් ඔහු පෙත්සමේ සඳහන් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී නිකුත් කරන ලද තීන්දුවකට අනුව ජනමත විචාරණයකින් තොරව පුද්ගල අභිලාෂය පරිදි ලිංගභේදය තීරණය කිරීම සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බව සඳහන් කර ඇතැයි පෙත්සම්කරු කියා සිටියි.

මෙම නීතිවිරෝධී ක්‍රියාවට ඉඩ සැලසීම තුළින් වගඋත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවත්, ඒ අනුව ජීව විද්‍යාත්මක පදනමකින් තොරව සිය අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීමට අනුමැතිය දෙමින් නිකුත් කර තිබෙන සියලු චක්‍රලේඛ හා රාජ්‍ය වැඩසටහන් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, කාන්තා කටයුතු අමාත්‍යවරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

BBC සිංහල

SendShareShare
Previous Post

ත්‍රිකුණාමලේ සම්බෝධී විහාරයේ ඉදිකිරීම් කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ! අවශ්‍ය අවසර අරන් පන්සල් භූමියේ ඉදිකිරීම් කරන්න පුළුවන්! කස්සප හිමිට ඇප දුන්නු අධිකරණ නියෝගය ගැන නීතීඥවරු කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලෝකයම බලන් ඉන්න බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සාම පා ගමන වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පිළිගනී! දහවල් දානයත් පිළිගන්වයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.