බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ රැඳවියන් වන “කංජිපානී ඉම්රාන්“, “කොස්ගොඩ තාරක“, “පොඩි ලැසී“ සහ “වෙලේසුදා“ ඇතුලු පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.
විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරනු ලබන නිරන්තර පරීක්ෂාවන්ට විරෝධය පළ කරමින් අද (10) උදෑසන සිට එම රැඳවියන් ආහාර වර්ජනයේ නිරත ව සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින රැඳවියන් 45 දෙනෙකුගෙන් 39 දෙනෙක් මෙලෙස වර්ජනයේ නිරතව සිටිති.