ශ්‍රී ලංකා මහබැංකු මූලස්ථානයේ සුරක්ෂිත භාරයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් එම මුදල් භාරකාර මණ්ඩලයේ නිලධාරීන් 15 දෙනකුගෙන් කොටුව පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කිරීමටද මහබැංකුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.