තමන් දන්නා පරිදි මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2024 අගභාගයේ දී බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
අපි තමයි රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිවරයා බවට පත්කරන්න පළවෙනි නිර්දේශය දුන්නේ. ඒ දුන්නේ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා. එතුමා කිව්වේ ඒ සඳහා නම් ගණනක් ආපු වෙලාවේ සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා වගේ තව නම් කිහිපයක් මේකේ තිබුණා. ඒකේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නමත් තිබුණා.
ගෝඨාභය මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයටයි අනුර කුමාර දිසානායකටයි අඩගැහව්වා. හැබැයි අපේ පක්ෂය නිර්දේශ කළේ මොකක්ද? බොහොම පැහැදිලිව රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කරන්න කියන එක. ඒ අපේ පළවෙනි නිර්දේශය.
අපේ පක්ෂ මූලස්ථානයේ ඉඳන් තමයි මේක මෙහෙයවූයේ. අපිට ඕfන වුණේ පාර්ලිමේන්තුවේ ඡන්ද ගන්නනේ. පාර්ලිමේන්තු ඡන්ද 134ක් ගන්න වැඩේ සම්පූර්ණයෙන්ම මෙහෙයෙව්වේ අපේ පක්ෂය. ඒ දෙවෙනි නිර්දේශය.
ඉදිරියේ දී පක්ෂයක් හැටියට පක්ෂ නායකත්වයත් එක්ක සාකච්ඡා කරලා සුබවාදී විදිහට කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
මේ ව්‍යවස්ථාව අනුව මම දකින විදිහට නියමිත ආකාරයට ජනාධිපතිවරණය තියන්න වෙන්නේ 2024 අගභාගයේ දී තමයි. යනුවෙන් රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.
Voice Tube