තමිල්නාඩු මහඇමති එම්. කේ. ස්ටාලින් මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවමින් කච්චතිව් දූපතේ ප්‍රශ්නය, ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා බලධාරීන් විසින් රඳවා තබා ගැනීම සහ දෙමළ කතා කරන ජන කොටසේ අභිලාෂයන් ඇතුළු ප්‍රධාන ගැටලු ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කරන ලෙස ඉල්ලීමක් කොට ඇත.Sri Lanka Latest News
ජනාධිපතිවරයාගේ නව දිල්ලි සංචාරයට පෙර මෙම ලිපිය යොමු කොට ඇති බව වාර්තා වේ.
කච්චතිව් ආපසු ලබා ගැනීමේ ඉල්ලීම උපුටා දක්වමින් ස්ටාලින්ගේ ලිපියේ සඳහන් වූයේ ලංකාව ඓතිහාසික වශයෙන් ඉන්දියාවේ කොටසක් බවත්, තමිල්නාඩුවේ ධීවරයින් සාම්ප්‍රදායිකව මෙම දූපත අවට මුහුදේ මසුන් ඇල්ලූ බවත්ය.