තමිල්නාඩු මහ ඇමති එම්. කේ ස්ටාලින්ගේ ප්‍රධානත්වයෙන් තමිල්නාඩු ප්‍රාන්තය නියෝජනය කරමින් සහනාධාර මෙට්‍රික් ටොන් 950ක අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නෞකාවක් කොළඹ වරාය බලා පිටත්ව තිබේ.Sri Lanka Latest News
එම භාණ්ඩ අතරට ආහාර සහ රෙදිපිළි ඇතුළත්වන අතර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි චෙන්නායි නියෝජ්‍ය මහ කොමසාරිස් වෛද්‍ය ගනේෂ්නාදන් ගීතීශ්වරන් මහතා සිදුකළ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදුකර ඇතැයිද සඳහන් වේ.
මෙම පරිත්‍යාගයන් අද (06) පෙරවරුවේ සංකේතාත්මකව චෙන්නායි නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වෙත පිළිගැන්වූ අතර මෙම අවස්ථාව සඳහා තමිල්නාඩු රජයේ නිලධාරීන් මෙන්ම චෙන්නයි නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් රැසක්ද එක්ව සිටිහය.










