සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ගුවන් ගමන අතරතුර සහාය නියමුවා වැසිකිළි ගොස් ආපසු පැමිණෙන අවස්ථාවේ නියමු කුටිය අගුළු නොහැරීමේ සිදුවීමක් මත ප‍්‍රධාන නියමුවා හා සහායන නියමුවරිය අතර මෙම ආරවුල හටගෙන තිබින.
මෙම සිදුවීමෙන් ගුවන් ගමනට බාධාවක් සිදු නොවුවත් මගීන් සහ කාර්ය මණ්ඩලය අතර නොසන්සුන්තා ඇති කර තිබේ.
සිද්ධියෙන් පසු ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර නියමුවා හා සහාය නියමුවරිය සේවය අත්හිටුවා ඇත.










