අප රට පත්ව ඇති මේ අවාසනාවන්ත බැරෑරුම් තත්ත්වය තුළ දිනෙන් දින දරුවන්ගේ, ළදරුවන්ගේ, මව්වරුන්ගේ හා කාන්තාවන්ගේ අයිතින් උල්ලංඝනය වන බව පෙනී යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා අනුව ළමා මන්දපෝෂණය ගැන ලැබෙන ආරංචි සුබවාදී නොවන බවත් එම නිසා දරුවන්ගේ කාන්තාවන්ගේ අයිතිය ශක්තිමත්ව සුරක්ෂිත විය යුතු බවත් මූලික අයිතිවාසිකමක් ලෙස ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
හොඳ ශක්තිසම්පන්න දරු පරපුරක් සිටිනවා යනු හොඳ ශක්ති සම්පන්න පුරවැසි පරපුරක් නිර්මාණය වීම බවත් එය හොඳ නිෂ්පාදන ධාරිතාවකට බලපාන බවත් එය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට ද බලපාන බවත් මව්වරුන්ගේ හා කාන්තාවන්ගේ මන්දපෝෂණය ළදරුවන්ගේ මන්දපෝෂණය හා දරුවන්ගේ මන්දපෝෂණය වර්ධනය වීම සෞඛ්‍ය සම්පන්න ජන පරපුරක් බිහි කිරිමට දැඩි ලෙස බලපාන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේග හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද රත්මලාන ආසන සංවිධායක වෛද්‍ය චමල් සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රත්මලාන ආසන ක්‍රියාකාරී හමුවකදීය.
මෙහිදී චමල් සංජීව මහතාද අදහස් දැක්වීය.





















