නවදිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ශ්‍රී ලංකාව බලා පිටත්වීමට ඊයේ (9) සවස 6.30 ට නියමිතව තිබූ UL 146 දරන ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් යානය කිසිදු දැනුම් දීමකින් තොරව සිය ගමන් වාරය නවතා තිබීම හේතුවෙන් දඹදිව සංචාරයේ නිරතවී සිටි ශ්‍රී ලංකාව බලා පැමිණීමට සිටි බැතිමතුන් පිරිසක් ගුවන්තොටුපොළේ අද උදෑසනව විටත් සිරවී සිටින අතර ගුවන් යානයක් මේ දක්වා පැමිණි නැති බව එහි සිරවී සිටින ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිස පවසනවා.Sri Lanka Latest News
එහිදී ඊයේ රාත්‍රී මහා සංඝයා නව දිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපළපලේ බිම සැතපී රාත්‍රී ගතකර ඇත.
දිල්ලි ගුවන් තොටුපල නියොජිතයින් ස්වාමීන් වහන්සේලා මග හරිමින් පැය 14ක් තිස්සේ දඹදිව වන්දනා වැඩමකල ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසට ප්‍රමාදයට හෝටලයක් හෝ ලබා දී නැත.
ගුවන්තොටුපළේ දී වතුර උගුරක් වත් නොදි අද උදෑසන 9.30 වන තුරු බලා සිටීමට සලස්වා ඇත.ඉන් පසු ස්වාමීන් වහන්සේලා සහ බැතිමතුන් පිරිසට හෝටලයක් ලබා දී ඇත.
අද (10) සවස 6.30ට දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් වීමට නියමිත ගුවන් යානයක් ඇති බවද ඔවුන් පවසයි.










