මෑතක දී සම්මත කර ගන්නා ලද නව දූෂණ විරෝධී පනතට අනුව, රාජ්‍ය අංශයේ අල්ලස් ගැනීම් පමණක් නොව, පෞද්ගලික අංශයේ අල්ලස් ගැනීමේ සිදු වීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ බලය ද අල්ලස් කොමිසමට ලැබී තිබේ.Sri Lanka Latest News
ඒ අනුව, පෞද්ගලික අංශයේ එවැනි අල්ලස් ගැනීමකට සම්බන්ධ නිළධාරියෙකු, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඊයේ දිනයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරණ ප්‍රදේශයේ හෝටලයක මානවසම්පත් කළමණාකරුවෙකි.
ඔහු, ඇගේ සේවය ස්ථිර කිරීම සහ වැටුප් වැඩි කර දෙන බවට පොරොන්දු වී එම හෝටලයේ සේවිකාවගෙන් ලිංගික අල්ලස් ලබාගෙන ඇති බව තහවුරු වී තිබේ.
අල්ලස් කොමිසම, සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.










