මේ රටේ ඇතැම් මාධ්‍ය පාස්කු ප්‍රහාරයේ සත්‍යය ජනතාවට හෙළි නොකරන බවටත්, එම ප්‍රහාරය පසුපස සැගවුණු සත්‍යය මාධ්‍ය විසින් රටට හෙළිදරව් කළ යුතු බවටත් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් බරපතළ චෝදනාවක් එල්ල කළේය.
උන්වහන්සේ කියා සිටියේ ඇතැම් මාධ්‍ය දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයට සිය මාධ්‍ය හසුරුවමින් සිටින බවකි.
කෙසේවෙතත් පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් වන දිනයට මේ මාධ්‍ය විනාශ වී යනු ඇති බවච උන්වහන්සේ සදහන් කර සිටියහ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සති අන්තයේ අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.










