• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උඩින් යන ශ්‍රී ලන්කන් හොම්බෙන් යයි! 2024දී බිලියන 3.8ක ලාභයක් ලැබුවත් 2025දී බිලියන 7.6ක් පාඩු වෙලා! එහෙම වුණේ කොහොමද? I Sri Lanka Latest News

October 23, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

SriLankan ගුවන් සමාගම 2023/24 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 3.8ක ලාභයක් වාර්තා කර තිබියදී 2024/25 මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 7.6ක අලාභයක් වාර්තා කර තිබේ.Sri Lanka Latest News

මේ වන විට SriLankan ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති 2025 මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් වේ.

එහි සඳහන් වන ආකාරයට SriLankan ගුවන් සමාගම 2024 අප්‍රේල් 01 වන දා සිට 2025 මාර්තු 31 දක්වා වන මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 7.59ක පාඩුවක් ලබා තිබේ.

එමෙන් ම එම වාර්තාවට අනුව සමාගම 2023 අප්‍රේල් 01 සිට 2024 මාර්තු 31 දක්වා කාලය තුළ රු. බිලියන 3.87ක ලාභයක් වාර්තා කර ඇතැයි පෙනී යයි.

තව ද, SriLankan සමූහය ද 2025 මූල්‍ය වර්ෂයේ රු. බිලියන 2.7ක අලාභයක් වාර්තා කර තිබේ. ඒ 2024 මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 7.9ක ලාභයක් වාර්තා කර තිබූ පසුබිමක ය.

ශ්‍රම බළකාය සහ කොටස් හිමිකාරීත්වය

2024/25 මූල්‍ය වර්ෂය සඳහා SriLankan ගුවන් සමාගමේ මුළු සේවකයින් සංඛ්‍යාව 6,071ක් වූ අතර, එයින් 67%ක් පුරුෂයින් හා ඉතිරි 33% කාන්තාවෝ වෙති.

එහි සේවය කරන සේවකයන් සංඛ්‍යාව පහත පරිදි ය.

  • කළමනාකරුවන් – 291
  • ගුවන් නියමුවන් – 272
  • කැබින් කාර්යමණ්ඩලය – 940
  • ගුවන් යානා ඉංජිනේරු සහ තාක්ෂණ ශිල්පීන් – 615
  • පුහුණු, අභ්‍යාසලාභී සහ විධායක නිලධාරීන් – 3,953

සේවක පිරිවැය සඳහා 2024/25 මූල්‍ය වර්ෂය සඳහා රු. මිලියන 32,799ක් වැය කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව රු. මිලියන 538ක වැඩි වීමකි.

මීට අමතරව, කාර්ය මණ්ඩල වියදම් ලෙස දක්වා තිබෙන වියදම් සඳහා රු. මිලියන 9,469ක් වැය කර ඇති අතර එම වියදම් පසුගිය වසරට සාපේක්ෂව අඩු වී තිබේ.

2025 මාර්තු 31 වන දිනට SriLankan Airlines Limited සමාගමේ කොටස් හිමිකරීත්වයෙන් 99.77%ක් රජය සතු අතර, 0.09%ක් සේවක අර්ථ සාධක අරමුදල සතු ය.

වෙනත් පාර්ශවයන් සතුව ඇති කොටස්වල ප්‍රතිශතය 0.14%කි.

වියදම් අඩු වී තිබියදී අදායම් අඩු වී ඇත්තේ ඇයි?

2023/24 වසර සඳහා රු. මිලියන 339,591.65ක ආදායමක් උපයා ඇති අතර, 2024/25 වසරේ උපයා ඇත්තේ රු. මිලියන 303,093.89කි.

වසර දෙකේ ආදායමේ පරතරය රු. මිලියන 36,498කි.

2024 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගිය නමුත්, SriLankan ගුවන් සේවය සේවය සපයා ඇත්තේ, ගුවන් මගීන් මිලියන 3.5ක් සඳහා පමණක් වන බවට වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

එය පෙර වසරට සාපේක්ෂව 4%ක හැකිලීමක් ලෙස එහි දක්වා තිබේ.

ඒ අනුව 2024/25 මූල්‍ය වර්ෂය සඳහා මගී ආදායම රු. බිලියන 234.5ක්ව ඇති අතර එය පෙර මූල්‍ය වර්ෂයේ රු. බිලියන 276.2කි.

එය පෙර වසරට සාපේක්ෂව 15%ක සංකෝචනයකි.

සේවයේ යෙදවිය හැකි ගුවන් යානා සංඛ්‍යාව සීමිත වීම, නඩත්තු කටයුතුවලින් ගුවන් යානා මුදා හැරීමේ ප්‍රමාදයන් සහ වසර පුරා ගුවන් සමාගම අත්විඳින ලද ඉංජිනේරු කටයුතු ආශ්‍රිත බාධා හේතුවෙන් ගෝලීය අදායම් අඩු වීම සහ ධාරිතාව අඩු වීම මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වාර්තාවේ සඳහන් වේ.

ගුවන් සේවා මට්ටමින් වාර්ෂිකව ලබා ගත හැකි ආසන කිලෝමීටර් සංඛ්‍යාව (ASK) 5%කින් හැකිලී තිබේ.

අඛණ්ඩ පැවැත්මක අවිනිශ්චිතතාව

2025 මාර්තු 31 දායින් අවසන් වූ වර්ෂය තුළ SriLankan සමූහය රු. මිලියන 2,735ක ශුද්ධ අලාභයක් ලබා ඇති බව 2025 අගෝස්තු 12 වන දිනැති ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විගණකාධිපති වාර්තාවේ දැක්වේ.

විගණකාධිපති වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ, සමාගමේ හා සමූහයේ ජංගම වගකීම් ප්‍රමාණය ජංගම වත්කම් ප්‍රමාණයට වඩා වැඩි බව ය.

SriLankan ගුවන් සමාගම රු. මිලියන 7,594ක අලාභයක් ලබා ඇති බව ද විගණකාධිපතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව පෙන්වා දී ඇති කරුණු අනුව, “සමූහයට/ සමාගමට අඛණ්ඩ පැවැත්මක් පවත්වාගැනීමට ඇති හැකියාව පිළිබඳව සැලකියයුතු සැකයක් ඇති කළ හැකි අවිනිශ්චිතතාවක් පවතින බව,” වාර්තාවේ සඳහන් වේ.

SendShareShare
Previous Post

නුවරඑළියේ මහින්දානන්දට අක්කර 30යි! වඩිවේල් සුරේෂ්ට අක්කර 50යි! ලොතරැයි හිටපු සභාපතිට අක්කර 50යි! සියඹලාපිටියට අක්කර 50යි! පහුගිය ආණ්ඩුවලදී හිටපු මැති ඇමැතිවරු ඉඩම් අල්ලපු හැටි පාර්ලිමේන්තුවේදී එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වැලිගම සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘මිදිගම ලසා’ පාතාල අපරාධකරුවෙක්! ඝාතනය පාතාල කල්ලි අතර ගැටුමක ප්‍රතිපලයක්! පොලිස් ඇමැති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.