• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ලංකාවට මගහැරුණු ලංකාවේ ට්‍රම්ප්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

November 9, 2024
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
ලංකාවට මගහැරුණු ලංකාවේ ට්‍රම්ප්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැස්සට අකුණුවලින් බේරෙන්න යකඩ කෑල්ලක් වීසි කරනවා යැයි ගම්වල කතාවක් තිබේ. මහබැංකු කොල්ලයෙන් සහ පාස්කු ප්‍රහාරයෙන් හතර ගාතේ වැටිලා හිටිය එවක අගමැති රනිල් 2019 ජනාධිපතිවරණයේදී යූ.ඇන්.පී.ය හෝදාගෙන යෑම වළක්වන්න යකඩ කෑල්ලක් සොයමින් සිටියේය. ජනාධිපතිවරණයට තරග කරන්න ඔහු කැමැති වුවත් බයකුත් තිබුණේය. යූ.ඇන්.පී.ය අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම්කළ යුතු යැයි කෑකෝ ගසමින් සිටියත් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට තම නායකත්වය නැතිකරගන්න රනිල් කැමැති වූයේ නැත.
මේ වනවිට මෛත්‍රී-රනිල්ගේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ දැඩිව විවේචනය කරමින් සිටි ලංකාවේ නොම්මර එකේ කෝටිපති ව්‍යාපාරිකයා වූයේ ධම්මික පෙරේරාය. මෛත්‍රී-රනිල්ගේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැට කමින් සිටි ජනතාව අතර ධම්මික එක රැයින් ජනප්‍රිය විය.Sri Lanka Latest News

පක්ෂයත් ආණ්ඩුවත් හෝදාගෙන යන වැස්සෙන් බේරෙන්න එළියට වීසි කරන්න හොඳම යකඩය ධම්මික පෙරේරා බව රනිල් තේරුම් ගත්තේය. යළිත් පොදු අපේක්ෂක නාඩගම රඟ දක්වන්න ඒ වෙනකොට රාජපක්ෂලාට අභියෝග කළ හැකි පක්ෂයෙන් පිට ජනප්‍රියතම චරිතය ධම්මික පෙරේරා බව ඔහුට වැටහුණි. ඔහු තෙවැනි පාර්ශ්වයක් හරහා ධම්මිකට මේ යෝජනාව ඉදිරිපත් කළේය.
තමා බාරගන්න යන්නේ දෙකොන පත්තු වෙන විලක්කුවක් බව දැන දැනත් ඔහු කැමැති විය. ඔහු කැමැත්ත ප්‍රකාශ කොට පළමුව අතගැහුවේ ලංකාවේ අලි-මිනිස් ගැටුම වැනි පොඩි ප්‍රශ්නවල සිට ආර්ථිකයේ මහ ලොකු ප්‍රශ්නවලට ඔහුගේ විසඳුම හදන වැඩේටය. ඔහු ඉදිරිපත් කළේ දර්ශනයක් නොව ප්‍රශ්නවලට ඔහුගේ විසඳුම්ය. මේ විසඳුම් ඇතුළත් කොට ඔහු පොතක්ද ගැහුවේය.
රනිල් සහ ධම්මික එකඟතාව ගැන ඉව වැටී යූ.ඇන්.පී.යේ රනිල් විරෝධීන් මෙන්ම පොදුජන පෙරමුණේ රාජපක්ෂලාද කලබල වූහ. ඒ වෙනකොට යූ.ඇන්.පී.යේ රනිල් විරෝධී පිලෙහි නායකයා වූ මංගල ප්‍රසිද්ධියේ ධම්මිකට තදින් පහර ගැහුවේය. රාජපක්ෂවරු මාධ්‍ය උපයෝගී කරගෙන පහර ගැහුවේය. අසරණ වූ රනිල්, ධම්මික අතහැරියේය. ධම්මික නිහඬ විය. ගෝඨාභය ජනාධිපති විය. යූ.ඇන්.පී. අපේක්ෂක සජිත් පරාජයට පත්විය.

2019 ගෝඨාභය ජනාධිපති වී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයන්ට උපදේශක තනතුරු සහ රජයේ ප්‍රධාන තනතුරු දුන්නත් ලංකාවේ නොම්මර එකේ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාව කිසිදු වැඩකට ගාවා ගත්තේ නැ. අරගලය ඇවිත් අගමැති මහින්ද ඇතුළු ඇමැති මණ්ඩලය ඉවත් වූ විට රනිල් අගමැති විය. රනිල් ජනාධිපති කිරීමට බැසිල් බැහැලා ගේම ගැහුවත් රනිල් අගමැති කරන්න ගේම ගැහුවේ මහින්ද, නාමල්, ශිරන්ති සහ මහින්දගේ පවුලේ අනෙක් පුත්තුය. යෝෂිත එහිදී විශාල කාර්යභාරයක් ඉටු කළේය. අරගලය නිසා 2024 ජනාධිපතිවරණයට රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් කොට දිනන්න අමාරු නිසා රනිල් යූ.ඇන්.පී.යේ කළා වගේ පොදු අපේක්ෂකයෙක් පිටින් ආනයනය කිරීම වාසිසහගත යැයි බැසිල් ඒ වනවිටත් ගණන් හදමින් සිටියේය. මේ වෙනකොට 2019 පක්ෂයත් ආණ්ඩුවත් හෝදාගෙන යනු ඇතැයි රනිල්ට තිබුණු බය 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බැසිල්ටත් ඇතිවී තිබිණි. රනිල් 2019 මහබැංකු සහ පාස්කු අකුණුවලට බයේ වීසි කරන්න ගිය යකඩය වූ ධම්මික පෙරේරා අරගලයේ අකුණු සැරට වීසි කරන්න හොඳම අපේක්ෂකයා බව බැසිල්ටත් තේරුණි. ඔහුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවා ඔහුව මුදල් ඇමැති කරන්න බැසිල්ට ලොකු ඕනෑකමක් තිබුණේ ඔහු ලවා ආර්ථිකය ගොඩදමාගෙන ඔහුව 2024 ජනාධිපති අපේක්ෂකයා කරන්නටය. රනිල් එයට හරස් විය. ගෝඨා රනිල්ට බය විය. අරගලය උත්සන්න වී ගෝඨාට ගෙදර යෑමට සිදුවීමෙන් පසු රනිල් ජනාධිපති වී ගෝඨා ධම්මිකට දුන් ඇමැතිකමෙන් ධම්මිකව ඉවත් කළේය.

ධම්මික ඩී.පී. එඩියුකේෂන් බිහිකළේ ගෝඨාගේ පාලන කාලයේ කොරෝනා නිසා අධ්‍යාපනය කඩාකප්පල් වූ දරුවන්ට නොමිලේ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන අවස්ථා ලබා දෙන්නටය. කොරෝනා එන විට ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයක් නොවීය. ධම්මික ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඇතිකොට අරගලය අවසන් වී රනිල් ජනාධිපති වනවිට එය ලංකාවේ පළමු සහ නොමිලේ දෙන ප්‍රධාන ඔන්ලයින් අධ්‍යාපන ජාලය විය. ධම්මික ඩී.පී. එඩියුකේෂන් අධ්‍යාපන සමුළුවක් කොළඹ පැවැත්වීය. තමා ලංකාවේ බංකොලොත් වෙච්ච කොම්පැනි අරගෙන පොහොසත් කොම්පැනි බවට පත්කළ බවත්, බංකොලොත් ශ්‍රී ලංකාව පොහොසත් කරන්න තමාට පුළුවන් බවත් ඔහු කීවේය. රනිල් බය විය. ඔහු 2024 ජනාධිපතිවරණය ආසන්නයේ ධම්මිකට මුදල් ඇමැති ධුරය භාරගන්න කීවේ ධම්මිකගේ ජනප්‍රියතාව රාජපක්ෂලා හොරකම් කිරීමට පළමුව ඔහුගේ ජනාධිපති සටනට එකතු කරගන්නය. ධම්මිකට අගමැති ධුරය දෙන්නටත් රනිල් යෝජනා කළේය. ධම්මික එයට එකඟ වූයේ නැත. ඔහු හොඳ ගණන්කාරයෙකි. ඔහු ගණන් හදා බැලුවේය. පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයකදී ඉන්නා තැන ඔහුට දැනුණි. බැසිල් ඔහු හොඳ අශ්වයෙක් කියා සිතුවත් රාජපක්ෂ පවුල ඔහුට අපේක්ෂකත්වය දීම දවසින් දවස කල්දැමීය. ඒ රනිල්ට බයේය. අන්තිමේදී ධම්මික ජනාධිපති සටනින් ඉවත් විය.

ධම්මිකට 2019 ජනාධිපති සටනට එන ලෙස රනිල් කළ යෝජනාව පිළිගත්තේ 2017 ඇමෙරිකාවේ නොම්මර එකේ ව්‍යාපාරිකයකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජනාධිපති වීමෙන් පසුවය. ට්‍රම්ප් කෙසේ හෝ රිපබ්ලිකන් පක්ෂය තුළින් අපේක්ෂකයා වූයේ තරගයකින්ය. ලංකාවේ දේශපාලන පක්ෂවල එහෙම සිස්ටම් එකක් නැත. ලංකාවේ අපේක්ෂකත්වය ගන්න නායකයා කැමැති විය යුතුය. ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් දෙකක රාජ්‍ය නායකයා වී සිස්ටම් වෙනස් කරන්න ගොස් සිස්ටම් එකෙන්ම එළියට වීසි කරලා දාපු ව්‍යාපාරිකයන් දෙදෙනෙක් සිටී. එක් අයක් නම් තායිලන්තයේ කෝටිපති ව්‍යාපාරික තක්ෂින් සිනවත්‍රාය. අනෙකා ඇමෙරිකාවේ ට්‍රම්ප්ය. සිස්ටම් වෙනස් කරන්න ගිය ට්‍රම්ප්ට නඩු වැටුණි. තක්ෂින්ට තායිලන්තයට ඇතුළු වීමද තහනම් විය. හැබැයි අද තායිලන්තයේ අගමැති ධුරය දරන්නේ තක්ෂින්ගේ දුවය. ඇමෙරිකාවේ මාධ්‍ය, කලාකරුවන් ඔක්කොම එරෙහි වෙද්දී ට්‍රම්ප් යළි ජනාධිපති වූයේ සිස්ටම් ඇතුළේ වැඩ කරන දේශපාලන නායකයන්ට වඩා සිස්ටම් එකෙන් පිට වැඩකරන ව්‍යාපාරික නායකයන් රට වෙනස් කරයි කියලා ජනතාව සිතන නිසාය. දැන් ඇමෙරිකාවේ නොම්මර එකේ ව්‍යාපාරික ඉලොන් මස්ක්ද ට්‍රම්ප්ගේ පහනෙන් එළිය බලා දේශපාලනයට එන්න ඇඟිලි ගනිමින් සිටී.

‘ලංකාවේ චේන්ජ් කරන්න සිස්ටම් එකක් නැහැ. පළමුව සිස්ටම් එක හදන්න ඕනේ…’

ධම්මික පෙරේරා යන යන තැන කීවේය. හැබැයි ඔහුට ට්‍රම්ප් වගේ, ඉලොන් මස්ක් වගේ මහගිරිදඹ තරණය කරන්න බැරිය. ඒ, ලංකාවේ දේශපාලනඥයන් බිස්නස්කාරයන්ගේ කරේ යනවා මිස, ඔවුන් කරේ තියාගෙන යන්න සූදානම් නැති නිසාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ණය වැඩිවෙනවා ඉවරයක් නෑ! Sri Lanka Latest News

Next Post

රුපියල නගිනවා ඒත් ජනතාවට සෙතක් නෑ! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.