ලංකාවේ ආර්ථිකයේ කලින් පුරෝකතනය කර තිබූ ආකාරයේ වර්ධනයක් සිදු නොවනු ඇති බව ලෝ ප්‍රකට ආර්ථික වෙබ් අඩවියක් වන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණය කොට ඇත.
ඒ අනුව 2023 වසරේ 2.4%ක ආර්ථික වර්ධනයක් සිදුවනු ඇති බවට කලින් එම වෙබ් අඩවිය පුරෝකතනය කර තිබුණද මේ වනවිට ඔවුන් පවසන්නේ 0.7%ක වර්ධනයක් සිදුවනු ඇති බවකි.
එමෙන්ම 2023 දෙවන කාර්තුවේදී 3.9%ක වර්ධනයක් වනු ඇති බව මුලින් පුරෝකතනය කර තිබුණද එය මේ වනවිට 1%ක් වනු ඇති බව ඔවුන් අනාවරණය කර තිබේ.
මීට අමතරව 2023 පළමු කාර්තුවේදී ආර්ථික වෘද්ධිය -4.4කින් පහළ යනු ඇති බව කියවුණද එය මේ වනවිට -9ත9ක පහළ යාමක් වනු ඇති බව ඔවුන් පෙන්වා ඇත.
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මෙම අනාවරණය කොට ඇත්තේ ආර්ථික විශේෂඥයන් රැසක් ඒකාබද්ධව සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුවය.
එසේම 2023 වසරේදී සංචිත වර්ධනය වීමක් සිදුනොවනු ඇති බවද ඔවුන් අවධාරණය කොට ඇත.
https://www.youtube.com/watch?v=_HPKR_ZpIGc&feature=youtu.be










