දුර්වල පිතිකරණය හේතුවෙන් පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව අද (08) දෙවැනි තරගයත් පරාජයට පත්වුණි. Sri Lanka Latest News
ශ්‍රී ලංකා පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියක බංග්ලාදේශය හමුවේ පරාජයක් ලැබු පළමු අවස්ථාව මෙය වෙයි.
එම පරාජයත් සමග ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට තිබෙන අවස්ථාව තවදුරටත් අවම මට්ටමකට පත්වුණි,
ශ්‍රී ලංකාවට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාවට ඇති ඉතිරි තරග දෙකම ජයගෙන දකුණු අප්‍රිකාව හෝ බංග්ලාදේශය ඔවුන් සහභාගී වන ඉතිරි තරගවලින් දෙකක් පරාජයට පත්විය යුතුය.









