• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවයි ජපානයයි ගිවිසුම් ගහයි! PHOTOS I Sri Lanka Latest News

February 17, 2026
in Exclusive
Reading Time: 17 mins read
A A
ලංකාවයි ජපානයයි ගිවිසුම් ගහයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා නව මාවතකට යොමු කරමින් “ශ්‍රී ලංකා – ජපාන අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය” (Intergovernmental Economic Policy Dialogue) ඊයේ (16) මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.Sri Lanka Latest News

මෙම වැඩසටහනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස, දෙරටේ අදාළ අමාත්‍යාංශ අතර ආර්ථික ප්‍රතිපත්ති සංවාදය පිළිබඳ සහයෝගීතා ගිවිසුමක් (Memorandum of Cooperation – MoC) අත්සන් තැබීම සහ හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලෙන්තිරරාජා මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අතිරේක ලේකම් (ද්විපාර්ශ්වික ආර්ථික කටයුතු) දර්ශන එම්. පෙරේරා මහතා ගිවිසුමට අත්සන් තැබූහ.

ජපාන රජය වෙනුවෙන් ජපාන ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ (METI) ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය මත්සුඕ තකෙහිකෝ (Matsuo Takehiko) මහතා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ මුරෝතානි මසකත්සු (Murotani Masakatsu) මහතා අත්සන් තැබූහ.

මෙම ප්‍රතිපත්ති සංවාදයේදී දෙරට අතර ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා වූ මාර්ග සිතියම (Roadmap) පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්තිය සහ සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කෙරිණි.

කාර්මික කොරිඩෝවක් (Industrial Corridor) නිර්මාණය කිරීම සඳහා වූ මාර්ග සිතියම සහ ශ්‍රී ලංකාවේ අපනයන ධාරිතාව පිළිබඳ සමීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමද සිදු විය. ශ්‍රී ලංකාව තුළ ජපන් සමාගම් සඳහා පවතින ව්‍යාපාරික වටපිටාව පිළිබඳව ජෙට්‍රෝ (JETRO) ආයතනය විසින් වාර්තාවක් ඉදිරිපත් කළ අතර Itochu සහ Mitsui වැනි ප්‍රමුඛ ජපන් සමාගම් සිය ව්‍යාපාරික අත්දැකීම් ඉදිරිපත් කළහ.

මෙම අවබෝධතා ගිවිසුම සහ ප්‍රතිපත්ති සංවාදය මගින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ආර්ථික සහයෝගීතාව නව යුගයකට පිවිසෙනු ඇතැයි දෙරටේ නියෝජිතයෝ මෙහිදී විශ්වාසය පළ කළහ

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමත අකියෝ (Isomata Akio), ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන්, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර සහ ජපාන-ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ සභාපති ෆුමිහිකෝ කොබයාෂි මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-02-17

SendShareShare
Previous Post

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා නුවරඑළියට ඇවිත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි! මෙන්න කතා කරපු දේවල්! PHOTOS I Sri Lanka Latest News

Next Post

අකුරේගොඩ ඝාතනයෙන් කැබිනට් හමුව උණුසුම්! මාධ්‍යවේදීන් දිගින් දිගටම ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න කරයි! ඇමැති විජිතත් උත්තර දෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.