ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) මහතා අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (16) දින පැවැත්විණි.
මෙම හමූවේදී ආපදාවෙන් හානීයට පත් මධ්‍යම පළාතේ මාර්ග නැවත ස්ථීරව ගොඩ නැගීම වෙනුවෙන් සහාය ලබාදෙන ලෙසත් පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සහය දක්වන ලෙසත්, ආණ්ඩුකාරවරයා ඉල්ලීමක් සිදු කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ පැමිණිමේ ඉහළ වර්ධනයක් සිදුව ඇති අතර සංචාරක ක්ෂේත්‍රය වර්ධනය කිරිම වෙනුවෙන් දෙරට අතර සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්ද සාකච්ජා කෙරීණී.
මෙම හමුව සංකේතවත් කරමින් ආණ්ඩුකාරවරයා සහ මහකොමසාරිස්වරයා අතර සිහිවටන හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුලු පිරිසක් එක් වූහ.

















