මැයි පළමු වැනි දින රටේ සියලුම දේශපාලන පක්ෂ වෙත අරගල භූමියේ සිටින තරුණ නායකයන් විසින් විශේෂ පණිවුඩයක් යවා ඇති බව වාර්තා වේ.
එම පණිවුඩයෙන් දැනුම් දී ඇත්තේ කම්කරු දිනයේදී දේශපාලනයත් රැගෙන අරගල භූමිය වෙත නොපැමිණෙන ලෙසය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැයි දිනයේදී සිය පාක්ෂිකයන්ට ගෝල්ෆේස් පිටියට යන ලෙස කළ ප්‍රකාශයෙන් අනතුරුව මෙම පණිවුඩය අරගලකරුවන් විසින් යවා ඇති බව වාර්තා වේ.










