කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්විණ.
එම සාකච්ඡාව සඳහා සහභාගි වන ලෙස සියලු පක්ෂ නායකයින්ට මේ වන විට දැනුම් දී තිබේ.
පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇතිවු සිද්ධීන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුවීමට නියමිතය.










