පාර්ලිමේන්තුව තුළ සිදු කරන දාමරික ක්‍රියාවන්ට විරෝධය පාමින් සමගි ජන බලවේගය අද දිනයේදීත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව අද දිනයේදීත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිවිසෙන පරිශ්‍රය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
පසුගිය සිකුරාදා දිනයේදී මනූෂ නානායක්කාර මහතාට පහර දීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් උත්සාහ කළ බව කියමින් මෙසේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පියවර ගෙන තිබිණ.










