ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් අද (21) පරාජයට පත්ව තිබේ.Sri Lanka Latest News
එහිදී විපක්ෂය නියෝජනය කරන සභිකයින් 07 දෙනෙකු අයවැයට විපක්ෂව ඡන්දය භාවිතා කර තිබුණි.
අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ සභිකයින් 06ක් ඡන්දය භාවිතා කර තිබූ අතර ඒ අනුව එක් ඡන්දයකින් ජාතික ජන බලවේග පරාජයට පත්වුණි.
මේ අතර අද දින අයවැය ඡන්ද විමසීමේදී විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සභාවට නොපැමිණි බවද වාර්තා වෙයි.
මෙම සභාව තුළ විපක්ෂයට සභික ධූර 10ක්ද, ජාතික ජන බල වේගයේ සභිකයින් 06 දෙනෙකුද සමන්විතය.
මේ අතර සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අද පැවැති අයවැය විවාදය අතරතුර හදිසියේ අසනීප වූ මන්ත්‍රීවරයෙක් රෝහල්ගත කළේය.
පසුගිය නොවැම්බර් මස 7 වන දින පැවති අයවැය පළමු වර ඡන්ද විමසීමේදී ජාතික ජන බල වේගය ඡන්ද තුනකින් පරාජයට පත්වුණි.










