2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනයේ අරමුදල්වලින් කැරම්බෝඩ් 14000 ක් සහ දහම් ලෑලි 11000 ක් ආනයනය කර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාල වලට ලබාදීම තුළින් රුපියල් මිලියන 37 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය වරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ , නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් නන්ද මල්ලවාරච්චි යන විත්තිකරුවන්ට විරුද්ධව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව පෙබරවාරි මස 05 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.Sri Lanka Latest News
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම නඩුකරයට අදාළ මූලික විරෝධතා පිළිබඳව වාචික දේශනා ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව මෙම මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන ඉදිරියේදී ගොනු කරන ලෙසත් විනිසුරුවරයා විසින් පාර්ෂවකරුවන්ට නියම කළා.
ඉන් අනතුරුව මෙම මූලික විරෝධතා පිළිබඳ නියෝගය පෙබරවාරි මස 05 වනදා ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරුවරයා නියම කළා.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සිර දඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.










