මෙරට බහුදින ධිවර යාත්‍රාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. (Sri Lanka Latest News)
අරාබි මුහුදේ දී ධීවරයින් රැගත් යාත්‍රාව පහැරගැනීමට ලක්වී ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසීය.
හලාවත, දික්ඕවිට ධීවර වරායෙන් පසුගිය 12 වනදා මුහුදු ගිය “ලොරෙන්සෝ පුතා 04” නමැති බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 06 දෙනෙකු එලෙස සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගෙන ඇත.
මෙරට මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 1160ක් දුරින් වු මුහුදු ප්‍රදේශයේ දී එම පැහැරගැනීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
පැහැරගැනීමට ලක්වු ධීවරයින් මුදාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව බලධාරීන් සඳහන් කළේය.
adaderana










