ආණ්ඩුව විසින් ඉදිරිපත් කොට ඇති නව බදු පනත් කෙටුම්පතෙහි ඇති ඇතැම් කරුණු සංශෝධනය නොකරන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබා නොදීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.
අද පැවැති සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ.
මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ අවම වශයෙන් යහපාලන ආණ්ඩු සමයේ ඇති කළ බදු ප්‍රතිශත මට්ටමට හෝ මෙම බදු ප්‍රතිශත පහත දැමිය යුතු බවත්, නොඑසේනම් ඊට එරෙහිව ජන්දය භාවිත කරන බවත්ය.










