• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ 39%යි! ජාජබ 20%යි! පොහොට්ටුව 9%යි! එජාපය 5%යි! ශ්‍රී ලනිපය 5%යි! 24%ක් තවම තීන්දුවක් අරන් නෑ! ඇත්ත සමීක්ෂණය දැන් පිටවුණා! EXCLUSIVE I Sri Lanka Latest News

March 16, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

පක්ෂ විපක්ෂ සියලු දේශපාලන පක්ෂ මෙන්ම මෙරට සියලු තානාපති කාර්යාල පවා පිළිගනු ලබන ජාත්‍යන්තර මට්ටමේ ප්‍රකට මත විමසුම් ආයතනයක් මගින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිදුකරනු ලැබූ මත විමසුමක ප්‍රතිඵල පසුගිය සඳුදා දිනයේදී නිකුත් කර තිබේ.Sri Lanka Latest News

එම ප්‍රතිඵලයන්ට අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරියෙන්ම සිටින පක්ෂය බවට අනාවරණ කොට ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක සමගි ජන බලවේගයය.

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය 39%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගනු ඇති බව එම මත විමසුම මගින් අනාවරණ කොට තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ උතුරු නැගෙනහිර දෙපළාත හැර සෙසු පළාත් පමණක් උපයෝගී කොටගෙන මෙම මත විමසුම සිදුකොට තිබීමය. උතුර හැරුණු විට නැගෙනහිර පළාතේ සම්පූර්ණ බලය රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන මුස්ලිම් නායකයන් සතුවන අතර, දැනටමත් ඔවුන් දෙදෙනා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයන් සිදුකර තිබේ.
ඒ අනුව, නැගෙනහිර පළාතේ මුස්ලිම් ඡන්ද සහ උතුරු පළාතේ ද්‍රවිඩ ඡන්ද එකතු වූ විට ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට 50%ක ප්‍රතිශතය ඉක්මවා යෑමේ ඉතා පහසු අවස්ථාවක් නිර්මාණය වී ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

මීට අමතරව මෙම මත විමසුම මගින් ජාතික ජන බලවේගය ගනු ඇති බවට අනාවරණ කොට ඇත්තේ 20%ක ඡන්ද ප්‍රතිශතයකි. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ඉදිරි ජනාධිපතිවරණයේදී 9%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත්, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිවෙළින් 5% බැගින් වූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත් මත විමසුම මගින් අනාවරණ කොට ඇත.

එමෙන්ම 24%ක ප්‍රමාණයක් තවමත් ඡන්දය භාවිත කරනු ලබන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන නොමැති බවද මෙම සමීක්ෂණයෙන් අනාවරණය කොට තිබේ.

මෙම මත විමසුම සිදුකළ ආයතනය ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ආයතනයක් ලෙස සැලකෙන අතර, පසුගිය දශක දෙකක කාලයක් පුරා ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් මත විමසුම් සිදුකළ ආයතනයක් ලෙස ප්‍රකටය. එමෙන්ම ඒ සෑම අවස්ථාවකදීම ඉතා නිවැරැදි ආකාරයේ තොරතුරු අනාවරණ කළ ආයතනයක් ලෙසටද එම ආයතනය ප්‍රකටව තිබේ.

පසුගිය සති කිහිපය පුරාම ආණ්ඩුවේ ප්‍රධානීන් මෙන්ම විපක්ෂයේ ප්‍රධානීන්ද පුල පුලා බලා සිටියේ මෙම මතවිමසුමේ ප්‍රතිඵල නිකුත් වන තෙක් වන අතර ඊට අනුව ඉදිරියේදී විශාල දේශපාලන පෙරළි ගණනාවක් සිදුවීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

රනිල් ‘ටයිම් අවුට්’! පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දාන බව මහින්ද කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පොලිසියේ ලොකු පුටු පෙරළෙයි! 18කට ස්ථාන මාරු! ගල්කිස්සේ හිටපු දෙහිදෙණියට CIDය බාර දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.