විශාල අවදානමක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකසිය තිස්හතර දෙනෙකුගේ මනාපයෙන් ජනානාධිපති බවට පත් වූ රනිල් වික්‍රමසිංහ පක්ෂයට පයින් ගසා කෑලි කෑලි වලට කැඩීම පිළිබඳව තමා කණගාටුවන බව මහාමාර්ග හිටපු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් අද 06 වෙනිදා සවස පොළොන්නරුව ඇළහැර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සඳහන් කළේය. (Sri Lanka Latest News)
තමා එකසිය තිස් හතර දෙනෙකුගෙන් එක් අයකු බව ජනාධිපතිවරයාට අමතක වී ඇති බවත්, රනිල් වික්‍රමසිංහ තවමත් බලයේ සිටින්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පිරිස පත්කරපු නිසා බවත්, තව සති දෙකකින් සියලු දෙනාම ඇමති ධූරවලින් ඉවත්වීම නිසා, තමා ඇමති ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ කණගාටු නොවන බවත් රාජ්‍ය ඇමති ගම්ලත් කීවේය.
තමා අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට වඩා කණගාටුවට පත්වන්නේ ජනාධිපතිවරයාට හයිය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පයින් ගැසීම බව කී රාජ්‍ය අමාත්‍යවරයා ලොකු වගකීමක් ගත් දැවැන්ත පක්ෂයක් කෑලි කෑලි වලට නොකඩා සිටියේ නම් මේ රටේ ජනතාවට තවත් විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට හැකි බව ඔහු පැවසුවේය.
ගම් මට්ටමේ ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ජනාධිපතිවරයාට අමතක වී ඇති බවද සිරිපාල ගම්ලත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරරයා වෙත ලබාදී ඇති බලතල යටතේ
වරාය සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යය ප්‍රේමලාල් ජයසේකර, විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය, ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යය, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් එම ඇමැතිධූරවලින් ඉවත් කළේය.
lankasara










