• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රිකුණාමලයේ එහෙමයි! මදුරන්කුලියේ මෙහෙමයි! එකම ප්‍රශ්නයක්! උත්තර දෙකක්! එහෙම වුණේ ඇයි? Sri Lanka Latest News

September 7, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
ත්‍රිකුණාමලයේ එහෙමයි! මදුරන්කුලියේ මෙහෙමයි! එකම ප්‍රශ්නයක්! උත්තර දෙකක්! එහෙම වුණේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි හැමෝගෙම ජීවිතත් සොබාදහම වගේ. ඉඩෝර කාල උදාවෙනවා. සුන්දර වසන්ත කාලයන් එනවා. කටුක ඉඩෝරයට වගේම සුන්දර වසන්තයටත් එක වගේ මුහුණ දෙන්න පුළුවන් නම් තමයි ඒක සැබෑ ලෙසම අර්ථවත් ජීවිතයක් වෙන්නේ. සුළු දෙයකට පවා කම්පා වීම සිතේ ස්වභාවයයි. බුදුරජාණන්වහන්සේ අෂ්ට ලෝක ධර්මය දේශනා කළේ අපේ හිත ලාභ – අලාභ, යස – අයස, දුක – සැප, නින්දා – ප්‍රශංසා කියන කරුණු අටක් හමුවේ අකම්පිතව පවත්වාගැනීමට මග පෙන්වන්නයි. ඇත්තටම මේ අටලෝ දහම හමුවේ සැබෑ ලෙසම අකම්පිතව ඉන්න පුළුවන් සියලු කෙලෙසුන් නැසූ රහතන්වහන්සේ නමකට පමණයි. කෙලෙස්වලින් බරිත පුහුදුන් බොහෝ දෙනාගේ හිත් පුංචි අහිමි වීමකින් පවා, පුංචි සිත් තැවුලකින් පවා මහා කඩාවැටීමකට ලක්වෙනවා. නමුත් යම් කෙනෙක් තමන්ට නොලැබුණු ප්‍රේමයක් නිසා ජීවිතයෙන් සමුගන්න තීරණය කරනවා නම් එය මහා අනුවණකමක්. අතිදුර්ලභව අපිට ලැබුණු මේ උතුම් මනුෂ්‍ය ජීවිතය, අහිමි වීමක් දරාගන්න බැරුව, කෙනකුගේ වෙනස් වීමක් දරාගන්න බැරුව විනාශ කරගන්නවා නම් ඒක මේ ලෝකේ තියෙන දරුණුම අඥානකම විදියට හඳුන්වන්න පුළුවන්. තමන්ගේ වටිනා ජීවිතය ඒ විදියේ සිත් තැවුලක් හින්දා විනාශ කරගත්ත පෙම්වතුන් යුවළක් ගැන පසුගිය 27 වැනිදා අපට අසන්නට ලැබුණේ මදුරන්කුලිය පැටි්‍රක් මාවත මුක්කුතෝඩුවාව ප්‍රදේශයෙන්. (Sri Lanka Latest News)

මේ පෙම්වතුන් යුවළ අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑම නිසා දෙදෙනාම අවස්ථා දෙකකදී ගෙල වැලලාගෙන මියගොස් තිබුණා. මුලින් තම පෙම්වතා දිවි නසාගත් ශෝකය දරාගැනීමට නොහැකිව ඊට දින තුනකට පසුව පෙම්වතියද ජීවිතය හැරගොස් තිබුණේ ගෙළ වැලලාගෙනයි. ඒ, පසුගිය 30 වැනිදායි. එලෙස මියගොස් තිබුණේ මුක්කුතෝඩුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි වර්ණකුලසූරිය නිම්සානි ප්‍රමෝදිකා නමැති 19 හැවිරිදි තරුණියක් සහ ඇගේ පෙම්වතා වූ උඩප්පුව සින්නපාඩුව කොන්තන්තිව්හි පදිංචිව සිටි 19 හැවිරිදි මිහිඳුකුලසූරිය ලසිඳු කවීෂ ලිවේරායි.

ලසිඳු සහ ප්‍රමෝදිකා අතර ප්‍රේම සම්බන්ධය ආරම්භ වී තිබුණේ ඔවුන් සින්නපුව කන්දාලය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සමයේදීයි. නමුත් එම ආදර සම්බන්ධය පිළිබඳ දෙදෙනාගේ මවුපියන් නොදැන සිට ඇති බවයි අනාවරණ වී තිබුණේ. ලසිඳුගේ මරණයෙන් කම්පනයට පත් ප්‍රමෝදිකා ගෙල වැලලාගෙන තිබුණේ සිය නිවස පිටුපස ඇති මඩුවක් තුළයි. ඇය එලෙස ගෙල වැලලාගෙන සිටිනු දුටු පියා වහාම ඇයව මුන්දලම රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබූ නමුත් ඒ වනවිටත් ඇය ජීවිතයෙන් සමුගෙන ගිහින්.

ලසිඳු සහ ප්‍රමෝදිකා අතර නිතර නිතර මතගැටුම් සහ බහින්බස් වීම් සිදුව තිබූ බවයි පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණේ. ඒ හේතුව නිසා දෙදෙනාම දැඩි කලකිරීමෙන් කල් ගතකර ඇති බවද පැවැසෙනවා. මේ පෙම්වතුන් යුවල ගෙල වැලලාගැනීම නිසා ඔවුන්ගේ ඥාතීන් මෙන්ම මිතුරන්ද දැඩි ලෙස ශෝකයට පත්ව තිබුණා. ලසිඳු සිය මිතුරන් සමග ඉතා ළඟින් ඇසුරුකළ කුළුපග මිතුරකු වීම නිසාම ඔවුන්ටද ලසිඳුගේ අනපේක්ෂිත වෙන්වයාම ගෙනදී තිබුණේ මහත් වේදනාවක්.

ලසිඳු සහ ප්‍රමෝදිකා තම තමන්ගේ ජීවිතවල වටිනාකම තේරුම් ගෙන සිටියා නම් අද මෙවැනි තීරණයකට භයානක තීරණයකට ඔවුන් එළඹෙන්නේ නැහැ. ලසිඳුගේ හදිසි මරණය නිසා ඇගේ පෙම්වතිය වූ ප්‍රමෝදිකා දෙසට යම් චෝදනාවක් එල්ල වී තිබෙන්නට ඇත. ඇයට එම පීඩනය දරාගන්නට නොහැකි වන්නට ඇත. නමුත් ඒ සිත් රිදුම්, ඒ පීඩාවන් ඇය ඉවසාගෙන ආගම දහමට නැඹුරු වන්නට තිබුණා. වැඩිහිටියන්ගේ උදව් ඉල්ලන්නට තිබුණා. ඒ කිසිවක් නොකොට අවසානයේ ඇයද ජීවිතය ගැන කලකිරීමට පත්ව මේ කනගාටුදායක තීරණය ගෙන තිබුණා.

ලසිඳුගේ අවසන් කටයුතු සින්නපාඩුව ලොරුදු මාතා දේවස්ථානයේ සිදුකළ ආගමික වතාවත්වලින් අනතුරුව දේවස්ථානය අසල පිහිටි සුසාන භූමියේදී සිදුකරනු ලැබුවා. ප්‍රමෝදිකාගේ අවසන් කටයුතු මුක්කුතුඩුවාව කතෝලික දේවස්ථානයේ ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව සිදුකරනු ලැබුවා.

ලසිඳුගේ වෙන්ව යාම දරාගැනීමට නොහැකිව ඔහුගේ මිතුරන් සිය ශෝකය මෙලෙස බැනරයක සටහන් කර තිබෙනු දැකගන්නට ලැබුණා.
‘උට්ඨානයද ජීවනයද මම වෙමි… මා අදහන්නා මැරුණත් ජීවත් වන්නේය…’

‘කවුරු හැර ගියත්,
මොහොතකටවත් තනි නොකළ යාළුකම්
අඬන්නම හේතු තිබුණත්
මූණට හිනාවක් දුන්නු යාළුකම්
අහිමි කරගන්න එපා
පණට පණ වගේ තිබෙන යාළුකම්…’

ලසිඳුත් ප්‍රමෝදිකාත් මතු උපදින භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි ‘මව්රට’ අපිද හදවතින්ම ප්‍රාර්ථනය කරමු.

මේ කනගාටුදායක පුවතත් සමග පසුගිය සතියේදී අපට අසන්නට ලැබුණු එක් ආදර්ශවත් කතාවක් මා මතකයට නැඟෙනවා. ඒ, පේරාදෙණිය සරසවියේ පසුගියදා පැවැති උපාධි ප්‍රදානොත්සවයේදී ඩබ්ලිව්. යූ. කුමුදුමලී ශිෂ්‍යාව බැච් ටොප් බවට පත්වී රන් පදක්කම් 8ක් දිනාගන්නට සමත්වූ පුවතයි. අද ඇය වෛද්‍යවරියක්. නමුත් ඇය තම හිත ශක්තිමත් කරගෙන අද වෙද්දී ජීවිතය අද්විතීය තැනකට රැගෙනවිත් තිබෙනවා. ත්‍රිකුණාමලයේ මාඉම් ගම්මානයක උපත ලැබූ ඇය යුද ගිනිදැල් ඇවිළුණු සමයේ බොහෝ දුක් කම්කටොලුවලට මුහුණ දුන් දැරියක්. ඇයද ප්‍රේමයෙන් පරාජිත වූ තරුණියක බවත්, ඒ අවස්ථාවේදී ජීවිතය හැර යන්නට හිතුණු වාර අනන්ත බවත් ඇය පවසා තිබුණා. ඇගේ වචනයෙන්ම ඒ කියන ඒ කතාව, පුංචි දේටත් ජීවිතය හැරයන්නට උත්සාහ දරන වත්මන් තරුණ තරුණියන්ට කදිම ආදර්ශයක් ගෙන දේවි.
‘මම කැම්පස් එකේ අවුරුදු 3ක්ම බැච් ටොප් වුණා. තුන්වැනි වසරේ විභාගය ඉවරවෙලා මගේ අවසන් විභාගය පටන්ගන්න සති දෙකක් තියෙද්දී ජීවිතේ තීරණාත්මක බිඳවැටීම සිදුවුණා. ඒක තමයි මම මුහුණ දුන් දරුණුම ප්‍රතික්ෂේප වීම. වසර කිහිපයක් පැවැති ප්‍රේම සබඳතාව බිඳී යෑමත්, ඒ නිසා විඳින්නට වුණු දැඩි මානසික පීඩාවත් මම දරාගත්තේ හරිම අමාරුවෙන්. මට ජීවිතයේ විවිධාකාර පීඩා ආවා. පීඩනය දරුණුම වෙලාවේ මට මැරෙන්න පවා හිතුණා. ඒත් මම කල්පනා කළා පොඩි කාලේ ගමේදී මම බයවුණේ මැරෙන්න. එල්.ටී.ටී.ඊ. එක හැම පැත්තෙන්ම ප්‍රහාර එල්ල කරලා මාව නොමරා මරනවා. එදා කොටින්ට මාව මරන්න බැරිවුණා නම් ඇයි මම දැන් මැරෙන්නේ කියලා මම හිතුවා. මම හිත හයිය කරගත්තා. වැටුණු හැම තැනකදීම මම නැගිට්ටේ මගේ හිතේ අභිප්‍රේරණයෙන්….’

විටෙක තරුණ ප්‍රේමය හරිම බොළඳයි. දරුවන් තරුණ වයසට එළැඹෙද්දී ඔවුන්ට ජීවිතය ගැන තිබෙන්නේ සුළු අත්දැකීම් ප්‍රමාණයක්. කෙනෙක් ජීවිතය ගැන තරමක් හෝ අවබෝධ කරගන්නේ වයසින් මුහුකුරා යද්දීයි. ප්‍රේමයක් බිඳවැටුණු සැණින් ඒ විරහ වේදනාව දරාගැනීමට නොහැකිව අසරණ වෙන්නේ තමන්ගේ හිතෙන්මයි. ඒ වෙලාවට හිතෙන්නේ ඒ දුකෙන් මිදීමට ඇති එකම ක්‍රමය සියදිවි හානි කරගැනීම කියලයි. නමුත් එය කොයි තරම් අනුවණකමක්ද කියලා තේරෙන්නේ ඒ සිදුවීම දිහා අපි නුවණින් විමසා බලද්දීයි.

ආදරය කියන්නේ තරුණ ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යයක්. මේ වයසට එළැඹෙන විට තරුණ තරුණියන් තනි තීරණ ගන්න පෙළඹෙනවා. ඒ වගේ වෙලාවට ඔවුන් ජීවිතයේ ප්‍රශ්න ඛේදවාචකයන් බවට පත්කරගන්නා අවස්ථා වැඩියි. තරුණ ජීවිතවල ආදරය නිසා සිත් රිදෙන වාර අනන්ත වෙන්න පුළුවන්. නමුත් ඒ හැලහැප්පීම් තුළ නුවණැති තීරණ ගන්න පෙම්වතාට වගේම පෙම්වතියටත් ශක්තිය තියෙන්න ඕනේ. අපි කෙසේ කීවත් ප්‍රශ්නය තමන්ගේ වනතුරු පිළිතුර දාර්ශනිකයි. ප්‍රශ්නයේ වේදනාව, බර දැනෙන්නේ ඒ ප්‍රශ්නයට මුහුණ දීපු කෙනාටයි. නමුත් ඕනෑම ප්‍රශ්නයක් දිහා නුවණින් විමසා බලලා, හදිසි තීරණ නොගෙන, කිසිවකුටත් හානියක් නොවන පරිදි ඒ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට ඕනෑ තරම් විකල්ප ක්‍රමවේද අද වනවිට බිහිවී තිබෙනවා.

යකඩයක් රත්වෙන්න රත්වෙන්න තමයි මුවහත් වෙන්නේ. තළන්න තළන්න තමයි පන්නරය ලැබෙන්නේ. ඒ වගේම හිත් ශක්තිමත් වෙන්නෙත් ප්‍රශ්න එන තරමටයි. එකිනෙකා වෙනුවෙන් දිවි පිදීම නොවෙයි කළ යුත්තේ. පෙම්වතා හෝ පෙම්වතිය තමන්ට ගැළපෙන්නේ නැත්නම් ඔවුන්ගෙන් ඈත්වෙලා මවුපිය සහෝදර බැඳීම, මිතුරු මිතුරියන් ගැන සිතා යහපත් මාර්ගයකට ජීවිතය ගෙනයෑමයි කළ යුත්තේ. එවැනි නුවණැති තීරණයක් ගැනීමට තරම් ශක්තිමත් හිතක් හදාගන්න අපි කවුරුත් පුංචි කාලේ පටන්ම හුරුවීම ඉතා වැදගත් බව ලසිඳු සහ ප්‍රමෝදිකාගේ ශෝකජනක කතාවෙන් පැහැදිලි වෙනවා නේද?

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

රනිල්ව ජනාධිපති කරන්න පාර්ලිමේන්තුවේදී අත උස්සලා රනිල්ගෙන්ම ඇමතිකම නැතිකරගත් සිරිපාල ගම්ලත් කතා කරයි! ජනාධිපතිවරයාට මුල අමතක වෙලා! ඔය ජනාධිපතිකම්-ඇමැතිකම් තව සති 2යි! Sri Lanka Latest News

Next Post

රනිල්-අනුර ඩීල් එක තහවුරුයි! ඇතුළෙ යන හොර ඩීල් ස්වාධීන වෙච්ච රාජ්‍ය ඇමැති අරුන්දික හෙළිකරයි! රනිල්ටයි-සිරිකොතටයි ඕන අනුර කුමාර දිනවන්න! එහෙම නැත්නම් මොකටද තැපැල් ඡන්දය හෙට තියෙද්දී අද රෑ රාජ්‍ය නාළිකාව දෙන්නේ අනුරට පැය ගණන් කතා කරන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.