නාරම්මල දී ඊයේ (18) ලොරි රථ රියදුරෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ උපපොලිස් පරීක්ෂකවරයා මේ මස 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.Sri Lanka Latest News
නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහු ව අද ඉදිරිපත් කළ අතර, එහි දී මෙම නියෝගය ලබා දුන් බව වාර්තා වේ.
මේ නාරම්මල පොලිස් වසමේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් ඝාතනය වීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොමුකර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳව විශේෂ පරික්‍ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් මියගිය රියදුරුගේ පවුලට ශ්‍රී ලංකා පොලිසියේ මැදිහත්වීමෙන් සහන සැළසීමට නියමිත බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.










